නීති විරෝධී දුම්වැටි 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 අගෝස්තු 06 වන දින හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, දකුණු නාවික විධානය සහ පන්වැව, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකල වැටලීමකදි අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ නීති විරෝධී දුම්වැටි 500 ක් සමඟ සැකකරුවකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම දුම්වැටි තොගය පැකට් 25 ක අසුරා තිබියදී සොයා ගෙන ඇත. මෙම සැකකරු වයස අවුරුදු 20 ක් වන හම්බන්තොට, සිප්පිකුළම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු සහ දුම්වැටි තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.
තවද, මෙවැනි නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත සියළු නාවික විධාන ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් මත්ද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇත.