අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ නීති විරෝධි දැල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 අගෝස්තු 07 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධි දැල් 03 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය සහ කින්නියා, පොලිසිය එක්ව කින්නියා ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා මෙම නීති විරෝධි දැල් හමුවී ඇති අතර, ඒවා වෙළඳසැලක් තුල අලෙවි කිරීමට සුදානම් කර තිබියදී මෙලෙස ‍සොයා ගෙන ඇත. එහිදී වයස අවුරුදු 26 ක් වන එම ‍ප්‍රදේශයේම පදිංචි එම වෙළදසැලේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

සැකකරු සහ තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා කින්නියා, පොලිසිය වෙත භාරදිමට කටයුතු කෙරුණි.