වැදගත් සිදුවීම්

අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ නීති විරෝධි දැල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 අගෝස්තු 07 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධි දැල් 03 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 Aug 2019

නීති විරෝධී දුම්වැටි 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 අගෝස්තු 06 වන දින හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 Aug 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 අගොස්තු 06 වන දින මුලතිව්, නයාරු මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

08 Aug 2019