එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධිවර යාත්‍රාවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 09) උදෑසන එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සොයා ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී අතහැර දමා ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී නාවික හමුදාව විසින් සිදු කළ වැඩිදුර විමර්ෂණ වලදි නීති විරෝධී දැලක්, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 20.2 ක් සහ පිටත දහන යන්ත්‍රයක් සොයා ගැනීමට සමත්ව ඇත.

සොයා ගන්නා ලද ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, නීති විරෝධී දැල, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලය වෙත භාර දීමට කටයුත කරන ලදි.