සඟවා තිබූ වායු තුවක්කුවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 09 වන දින පුත්තලම, අනායිකුට්ටි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වායු තුවක්කුවක් සොයා ගැනීමට සමත් වන ලදී.

ඒ අනුව වයඹ නාවික විධානය විසින් සිදු කල සෝදිසි කිරීමකදී අනායිකුට්ටි ප්‍රදේශයේ ධීවර වාඩියක් තුල සඟවා තිබූ මෙම වායු තුවක්කුව මෙලෙස සොයා ගෙන ඇති අතර, එහිදී ඒ සඳහා යොදා ගන්නා පතරොමක් ද නාවික හමුදාව සොයා ගන්නා ලදී. සොයා ගන්නා ලද වායු තුවක්කුව සහ පතරොම ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වනාතවිල්ලුව පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.