සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (අගෝස්තු 10) දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී.

ඒ අනුව, දකුණු මුහුදු ප්‍රදේශයට අයත් වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් දකුණු නාවික විධානය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේදී ගාල්ල, ජාකොටුවැල්ල සහ තංගල්ල, පරවි වැල්ල මෙන්ම හම්බන්තොට, මිරිජ්ජවිල ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශයට ලක්ව තිබූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයක් බවට පත් කිරීමට එමඟින් අවස්ථාව උදාවිය.

තවද, දිවයින වටා වූ වෙරළ පරිසර පද්ධතිය අපද්‍රව්‍යවලින් තොර සුන්දර වෙරළ තීරයක් බවට පවත්වාගෙන යෑමට අපි සැම කටයුතු කළ යුතු වන අතර, එම යුතුකම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි. එමඟින් වෙරළ හා වෙරළ ආශ්‍රිතව පරිසර පද්ධතිය මතුපරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කර දීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.


ගාල්ල, ජාකොටුවැල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන


තංගල්ල, පරවි වැල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන


හම්බන්තොට, මිරිජ්ජවිල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන