නාවික හමුදාව විසින් උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 10) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, අඩි 75 දිගැති තහනම් දැල් 33 ක් සොයා ගත් අතර, අදාල ධීවර දැල් ඉදිරි කටයුතු සඳහා මූතුර්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.