වෙරළ තීරය රැකීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් 2019 අගෝස්තු 10 වන දින තලෙයිමන්නාරම වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය මඟින් සංවිධානය කරන ලද මෙම පිරිසිදු කිරීමේ වැඩසටහනේදී තලෙයිමන්නාරම, කට්ටුකාරන්කුඩිඉරිප්පු ප්‍රදේශයේ සිට ඌරුමලෙයි ප්‍රදේශය දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට කටයුතු කරන ලද අතර, එහිදී වෙරළ තීරයෙහි විසිරී තිබූ ප්ලාස්ටික් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

තවද, දිවයින වටා පිහිටි වෙරළ තීරයේ සුන්දරත්වය ආරක්‍ෂා කර ගැනීම සහ පිරිසිදුව තබා ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් සහ යුතුකමක් වන අතර, ඒ සඳහා නාවික හමුදාව මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.