මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව ‌විසින් 2019 අගෝස්තු 10 වන දින කල්පිටිය, පල්ලියවාසලපාඩු ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදී.

ඒ අනුව, වයඹ නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයකදී පල්ලියවාසලපාඩු ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැක කටයුතු පුද්ගලයෙකු නිරික්‍ෂණය කර ඇති අතර, ඒහිදී නාවික හමුදාව විසින් මෙම සැකකරු පරික්‍ෂාවට ලක් කර ඇත. පරික්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 10 ක් සොයා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදාව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව හඳුනා ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 28 වන වියෙහි පසුවන පුත්තලම, කොට්ටන්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, යතුරුපැදිය සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා උඩප්පුව පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.