ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු සමන් පෙරේරා වැඩ භාර ගනී

කොමදෝරු සමන් පෙරේරා 2019 අගෝස්තු 11 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේ නව ආඥාපති සහ අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනමමින් නව ආඥාපති ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනය වෙත පිළිගැනිමෙන් අනතුරුව හිටපු ආඥාපති කපිතාන් (සංඥා) ජානක නිස්සංක විසින් ආඥාපති ධූරයේ රාජකාරීන් එතුමන් වෙත භාර දිමට කටයුතු කරන ලදී. එම අවස්ථාව සඳහා ආයතනයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගිවී සිටියහ.