කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව අද (අගෝස්තු 12) අළුයම තලෙයිමන්නාරම ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව තලෙයිමන්නාරම ප්‍රදේශයේ යොදා ඇති මර්ග බාධකය අසලින් ගමන්ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු නිරික්ෂණය කර ඇති අතර, වැඩිදුර සිදුකල පරික්ෂාවේදි ඔවුන් ලඟ තිබී කේරල ගංජා ග්‍රෑම් 230 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහිදි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙම සැකකරුවන් වයස අවුරුදු 42 සහ 46 වන වියෙහි පසුවන ඌරුමලේ සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා ප්‍රමාණය සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.