පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් පතොරම් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මාන්කුලම්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ 2019 අගෝස්තු 12 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පතොරම් තොගයක් සොයා ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය සහ මුලතිව්, පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පඳුරක් අසල සඟවා තිබු මෙම පතොරම් තොගය සොයා ගෙන ඇති ‍ අතර, එහිදී ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරනු ලබන මිමි 7.62 x 39 පතොරම් 2513 ක් සහ හඳුනාගත‍ නොහැකි පතොරම් 05 ක් මෙලෙස සොයා ගෙන ඇත.

මෙම පතොරම් තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු මුලතිව්, පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදු කරන අතර, මෙම පතොරම් තොගය සටන් පැවැති සමයේ මෙම ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ.