වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු (07) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 අගෝස්තු 12 නාවික හමුදා බාරයට ගෙන ඇත.

13 Aug 2019

නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 451.1 සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 13) අළුයම මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

13 Aug 2019

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් පතොරම් තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව මාන්කුලම්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ 2019 අගෝස්තු 12 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පතොරම් තොගයක් සොයා ගෙන ඇත.

13 Aug 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2019 අගෝස්තු 12 මාතර, නූපේ ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

13 Aug 2019

මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගනී

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විසින් 2019 අගෝස්තු 12 දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ (02) දිවි බේරා ගැනීමට සමත් විය.

13 Aug 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.32 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 අගෝස්තු 12 යාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශ‍යේ සිදු කළ වැටලිමකදි කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

13 Aug 2019