බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 83.6 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 14) තලෙයිමන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 83.6 ක් සොයා ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි වෙරළේ අතහැර දමා ගොස් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සලයක් තුල අසුරා තිබියදි මෙලෙස සොයා ගෙන ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

එමෙන්ම, පසුගිය දින කිහිපය පුරා උතුරු මැද නාවික විධානය සිදු කළ සෝදිසි කිරීම්වලදී මෙලෙස අතහැර දමා ගොස් තිබූ බිඩි කොළ විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම බිඩී කොළ අතහැර දමා පලා යන බවට සැක පළ කෙරේ. තවද, සාගරය භාවිතා කරමින් සිදු කරනු ලබන ජාවාරම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයයෙන් සිටි.