වෙත්තලකර්නි ප්‍රදේශයෙන් අත් බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 14 වන දින වෙත්තලකර්නි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත් බොම්බයක් සොයා ගන්නා ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් වෙත්තලකර්නි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී එච්ඊ 36 වර්ගයේ අත් බෝම්බයක් මෙලෙස සොයා ගෙන ඇති අතර, මෙම අත් බෝම්බය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ මෙම ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කෙරේ. සොයා ගන්නා ලද අත් බෝම්බය වැඩිදුර පරික්‍ෂණ කටයුතු සඳහා 553 වන යුධ හමුදා බලසේනා මුලස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරුණි.