කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අද (අගෝස්තු 15) අළුයම යාපනය, මුරුතන්කර්නි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මුරුතන්කර්නි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී යතුරු පැදියකින් ගමන්ගත් සැක කටයුතු පුද්ගලයෙකු නිරික්ෂණය කර ඇති අතර, සිදුකල පරික්ෂාවේදි සැකකරු ලඟ තිබි මෙම කේරල ගංජා තොගය හමු වී ඇත. එහිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන තලෙයිආඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පලාලි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.