නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 16 වන දින පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 152 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය විසින් පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී නීති විරෝධී දේශිය ‍මත්පැන් ලිටර් 152 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, නීති විරෝධී දේශිය මත්පැන් නිෂ්පාදනය කරමින් සිටියදී මෙලෙස මෙම පුද්ගලයින් නාවික හමුදා බාරයට ගෙන ඇත.

එහිදී, ප්ලාස්ටික් කෑන් 07 ක් සහ මත්පැන් සෑදිම සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් පුත්තලම, සින්නපාඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, දේශිය මත්පැන් තොගය සහ අනෙකුත් උපකරණ ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා කෝකිලායි, පොලිසිය වෙත භාර දිමට කටයුතු කෙරුණි.