අනවසර සංක්‍රමණිකයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට ඕස්ට්‍රේලියාව බලා පලා යාමට උත්සාහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) 2019 අගෝස්තු 17 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව බටහිර නාවික විධානය සහ හලාවත පොලීසිය එක්ව හලාවත සහ තොඩුවාව ප්‍රදේශ අතර, සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි සැක කටයුතු කුඩා ලොරි රථයක් ( ඩිමෝ බට්ටා) නිරික්‍ෂණය කර ඇත. එහිදී සිදු කරන ලද වැඩි දුර පරික්ෂණ වලදි නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාව වෙත පලා යාමට උත්සහ කල පුද්ගලයින් දොලොස් දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර, දමිල ජාතිකයින් දස දෙනෙක් (10) සහ සිංහල ජාතිකයින් දෙදෙනෙක්(02) සිටියි.මොවුන් තොඩුවාව,මඩකලපුව සහ වැලිකන්ද ප්‍රදේශ වල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින්, සහ කුඩා ලොරි රථය (ඩිමෝ බට්ටා )හලාවත, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.