තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් විසි දෙදෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 19) අළුයම ත්‍රිතුණාමලය, කල්අඩිචේනි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා බාරයට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිතුණාමලය, සාම්පුර් ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගෙන ඇත.එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැල් දෙකක්,ඩිංගි යාත්‍රාවන් හතරක් සහ ධීවර ආම්පන්න සොයාගෙන ඇති අතර, එම ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතව ඇත.

පසුගිය දින කිහිපය පුරාම නීති විරෝධී දැල් භාවිතා කරමින් නැගෙනහිර මුහුදු තිරයේ මසුන් ඇල්ලීමට කටයුතු කරනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, එමඟින් අනාගත පරපුරට මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කර දීමට නාවික හමුදාවට හැකිවි ඇත.