කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.576 ක් සමඟ පුද්ගලයෙකු න‍වික හමුදා බාරයට

නාවික හමුදාව සහ යාපනය විශේෂ කාර්යය බලකාය එක්ව අද (අගෝස්තු 19) පස්වරුවේ යාපනය, කලියපුරම් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.576 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ යාපනය විශේෂ කාර්යය බලකාය එක්ව යාපනය, කලියපුරම් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී යතුරු පැදියකින් ගමන්ගත් සැක කටයුතු පුද්ගලයෙකු නිරික්ෂණය කර ඇති අතර, සිදුකල පරික්ෂාවේදි සැකකරු ලඟ තිබි මෙම කේරල ගංජා තොගය හමු වී ඇත. එහිදි එම සැකකරු නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම සැකකරු යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.