වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.576 ක් සමඟ පුද්ගලයෙකු න‍වික හමුදා බාරයට

නාවික හමුදාව සහ යාපනය විශේෂ කාර්යය බලකාය එක්ව අද (අගෝස්තු 19) පස්වරුවේ යාපනය, කලියපුරම් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.576 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

19 Aug 2019

තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් විසි දෙදෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 19) අළුයම ත්‍රිතුණාමලය, කල්අඩිචේනි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා බාරයට ගෙන ඇත.

19 Aug 2019

තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් හය දෙනෙකකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 17 වන දින ත්‍රිතුණාමලය, සාම්පුර් ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන ඇත.

19 Aug 2019

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ට්‍රැවිස් ආර් කොක්ස් මහතා අද (අගෝස්තු 19) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එම අවස්ථාව සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් එස් පේජ් ද සහභාගි විය.

19 Aug 2019

බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ හම්බන්තොට වනජීවි දේපාර්තමේන්තුව එක්ව අද (අගෝස්තු 19) හම්බන්තොට, සංහිදගම ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

19 Aug 2019