නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගොස්තු 20) දින කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු(03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව වයඹ නාවික විධානය විසින් කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයක් අතර තුරදී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ලොරි රථයක් සහ වැලි කියුබ් 02ක් නාවික හමුදා බාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින්, ලොරිරථය සහ වැලි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී වැලි ගොඩදැමීම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැලැක්වීම සඳහා නීති විරෝධී ලෙස ගොඩදැමූ වැලි ප්‍රවාහනය කරනු ලබන වැලි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව නිරන්තර වැටලිම් සහ සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර, එමඟින් පරිසරය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තියට දායකවීමට නාවික හමුදාව අපේක්‍ෂා කරයි.