කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව අද (අගෝස්තු 20) යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ යාපනය පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කැලෑ බද ප්‍රදේශයක පාර්සල් අටක් (8) තුල අසුරා තිබු මෙම කේරළ ගංජා තොගය සොයාගත් අතර, ඒ සමඟම සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන් ගමන්ගත් කැබ් රථයද නාවික හමුදා බාරයට ගැනිමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 සහ 42 වන වියෙහි පසුවන මන්නාරම සහ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන් දෙදෙනා, කැබ් රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කයිට්ස්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.