කපිතාන් (ඒඑස්ඩබ්) නිලන්ත හේවාවිතාරන ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ නව අණදෙන නිලධාරි වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) නිලන්ත හේවාවිතාරන 2019 අගෝස්තු 19 වන දින වැඩ භාර ගන්නා ලදි.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරි කපිතාන් (ජලමාන) කෝසල වර්ණකුලසුරිය විසින් නාවික තටාකාංගණයේදී නිල වශයෙන් නව අණදෙන නිළධාරි වෙත රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරි නාවික දියත් විධානය නියෝජනය කරමින් නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය අඥාපති, කොමදෝරු ජයන්ත කුලරත්න නිලධාරිතුමා ද සහභාගී වු අතර, නව අණදෙන නිලධාරිතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදි.