නාවික හමුදාව විසින් සංවිධානය කරන HBVBSS අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී

නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව “හෙලිකොප්ටර් යානා මගින් නෞකාවක් මතට කා වැදි මනා පරික්ෂාවෙන් අත්පත් කර ගැනිමේ”(Heli Born Vessel Board Search Seizure) අභ්‍යාසයක් 2019 අගොස්තු මස 19 වන දින ත්‍රිකුණාමලයට නුදුරු මුහුදේදී පවත්වන ලදී.

ඒ අනුව ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව, විශේෂ යාත්‍රා බලඝණය සහ ගුවන් හමුදා විශේෂ රෙජීමේන්තු බලකාය එක්ව 2019 අගෝස්තු මස 19 වන දින ත්‍රිකුණාමල මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මෙම අභ්‍යාසය පැවැත්වු අතර, මේ සඳහා ගුවන් හමුදාවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ‍යොදාගෙන ඇත.