වැදගත් සිදුවීම්

නාවික හමුදාව විසින් සංවිධානය කරන HBVBSS අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී

නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව “හෙලිකොප්ටර් යානා මගින් නෞකාවක් මතට කා වැදි මනා පරික්ෂාවෙන් අත්පත් කර ගැනිමේ”(Heli Born Vessel Board Search Seizure) අභ්‍යාසයක් 2019 අගොස්තු මස 19 වන දින ත්‍රිකුණාමලයට නුදුරු මුහුදේදී පවත්වන ලදී.

20 Aug 2019

කපිතාන් (ඒඑස්ඩබ්) නිලන්ත හේවාවිතාරන ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ නව අණදෙන නිලධාරි වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) නිලන්ත හේවාවිතාරන 2019 අගෝස්තු 19 වන දින වැඩ භාර ගන්නා ලදී.

20 Aug 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව අද (අගෝස්තු 20) යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

20 Aug 2019

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 39 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 39 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම 2019 අගෝස්තු 19 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

20 Aug 2019

නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගොස්තු 20) දින කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු(03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

20 Aug 2019

අනවසර සංක්‍රමණිකයින් දහසය දෙනෙකු (16) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවිමට උත්සාහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් දහසය දෙනෙකු (16) 2019 අගෝස්තු 19 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

20 Aug 2019

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් 2019 අගෝස්තු 19 වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

20 Aug 2019