පුපුරන ද්‍රව්‍ය යොදා ඇල්ලු මසුන් තොගයක් සහ නීති විරෝධි ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් අට දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, වත්තම සහ කෝකිලායි, තුඩුව ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදි පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ඇල්ලූ බවට සැක කරන මසුන් තොගයක් හා නීති විරෝධි මසුන් ඇල්ලු පුද්ගලයින් අට දෙනෙකු(8) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, 2019 අගෝස්තු 19 වන දින ත්‍රිකුණාමලය,වත්තම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ඇල්ලූ බවට සැක කරන මසුන් කිලෝග්‍රෑම් 446 ක්,ඩිංගි යාත්‍රා දෙකක් සහ ධීවර ආම්පන්න තොගයක් සොයාගෙන ඇති අතර,එම මසුන් තොගය,ඩිංගි යාත්‍රා සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මූතූර්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, කෝකිලායි, තුඩුව ප්‍රදේශයේදී සිදුකළ පා මුර සංචාරයකදී නීති විරෝධි ලෙස බලපත්‍ර නොමැතිව මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් අට දෙනෙක්(8), ඩිංගි යාත්‍රා හතක් සහ ධිවර ආම්පන්න තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙම පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 43 ත් අතර වියෙහි පසුවන අතර, ඔවුන් පුත්තලම ,කෝකිලායි ,පුල්මුඩේ සහ මදුරන්කුලිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එම පුද්ගලයින්,ඩිංගි යාත්‍රා සහ ධීවර ආම්පන්න තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කුච්චවේලි, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.