ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් 2019 අගෝස්තු 21වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව උතුරු නාවික විධානය මඟින් උතුරු මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධි ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

තවද, නාවික බාරයට පත් පුදගලයින් වයස අවුරුදු 25 ත් 35 ත් අතර වියෙහි පසුවන අයවළුන් බව හඳුනාගෙන ඇත.

තවද, ශ්‍රී ලංකාවට අයත් මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම උදෙසා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විමට හැකියාව ලැබි ඇති අතර, මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.