වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රාවක් 2019 අගෝස්තු 21වන දින නාවික හමුදා බාරයට ගෙන ඇත.

21 Aug 2019

හෙරොයින් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 21) අළුයම තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 210 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

21 Aug 2019

පුපුරන ද්‍රව්‍ය යොදා ඇල්ලු මසුන් තොගයක් සහ නීති විරෝධි ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් අට දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, වත්තම සහ කෝකිලායි, තුඩුව ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදි පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ඇල්ලූ බවට සැක කරන මසුන් තොගයක් හා නීති විරෝධි මසුන් ඇල්ලු පුද්ගලයින් අට දෙනෙකු(8) නාවික හමුදා බාරයට ගෙන ඇත.

21 Aug 2019