තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් පහලොස් දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 22) අළුයම ත්‍රිකුණාමලය, වලල්තෝට්ටම් ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් පහලොස් දෙනෙකු (15) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, වලල්තෝට්ටම් ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් පහලොස් දෙදෙනෙකු (15) නාවික හමුදා භාරයට ගෙන ඇත. එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැල් තුනක්,ඩිංගි යාත්‍රා තුනක් සහ ධීවර ආම්පන්න සොයාගෙන ඇත. එම තහනම් දැල්,ඩිංගි යාත්‍රා සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතව ඇත.

පසුගිය දින කිහිපය පුරාම නීති විරෝධී දැල් භාවිතා කරමින් නැගෙනහිර මුහුදු තිරයේ මසුන් ඇල්ලීමට කටයුතු කරනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, එමඟින් අනාගත පරපුරට මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කර දීමට නාවික හමුදාවට හැකිවි ඇත.