කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් ලෙස ආරම්භ කළ ජල මාර්ග ආශ්‍රීත මගී ප්‍රවාහන බෝට්ටු සේවය සඳහා නාවික හමුදා දායකත්වය

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ‍කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් ලෙස ආරම්භ කරන ලද මගී ප්‍රවාහන බෝට්ටු සේවය සඳහා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද මගී බෝට්ටුවක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිළ වශයෙන් ප්‍රධානය කිරිම අද (අගෝස්තු 22) දින කොළඹ කොටුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට මැකලම් ගේට්ටුව ආසන්නයේ ඉදිකර ඇති බෝට්ටු නැවතුම් අංගනයේ දී සිදු විය.

ඒ අනුව ශ්‍රීලංකා නාවික හමුදා යාත්‍රා තැනිමේ අංගනය මඟින් නිෂ්පාදිත මෙම මගී ප්‍රවාහන යාත්‍රාවේ එක් වරකදි මගින් 50 දෙනෙකු සඳහා ප්‍රවාහන පහසුකම් ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව ඒකාබද්ධව කොළඹ කොටුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට මැකලම් ගේට්ටුව ආසන්නයේ ඉදිකර ඇති බෝට්ටු නැවතුම් අංගනයේ සිට යුනියන් පෙදෙස බෝට්ටු අංගනය දක්වා පවත්වාගෙන යනු ලබන මෙම බෝට්ටු සේවය සඳහා නාවික ගමනාගමනයේදී අනුගමනය කළ යුතු නිසි ආරක්ෂක ක්‍රම වේදයක් නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබයි .