තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 22 වන දින ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු (2) නාවික හමුදා බාරයට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු (2) නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදි ඔවුන් සතුව තිබී සොයා ගන්නා ලද තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතව ඇත.

පසුගිය දින කිහිපය පුරාම නීති විරෝධී දැල් භාවිතා කරමින් නැගෙනහිර මුහුදු තිරයේ මසුන් ඇල්ලීමට කටයුතු කරනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, එමඟින් අනාගත පරපුරට මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කර දීමට නාවික හමුදාවට හැකිවි ඇත.