කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983 ක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව ‌සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව අද (අගෝස්තු 24) අළුයම සිදු කරන ලද සෝදිසි කිරිමකදී මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් නාවික හමුදා බාරයට ගන්නා ලදී.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය ඒකාබද්ධව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මන්නාරම, වංකාලේ මුහුදු තීරයේ මාළු වාඩියක් අසල සගවා තිබු කොකේන් බවට සැක කෙරෙන මත් ද්‍රව්‍ය ග්‍රෑම් 983 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත. නාවික හමුදා බාරයට ගත් කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වංකාලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.