සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් 2019 අගෝස්තු 23 උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් යාපනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා ඒකාබද්ධව මෙම පිරිසිදු කිරිමේ වැඩ සටහන ගුරුනගර් වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී. මේ වැඩසටහන සඳහා යාපනය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින්, ඉලවලෙයි විද්‍යාලයේ සිසුන් සහ ගජබා රෙජීමේන්තුවේ නිලධාරින් හා සෙබළුන් මෙන්ම උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් රැසක් මේ සඳහා සහභාගිවී සිටියහ.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ නීල හරිත පාරසරික සංකල්පය යටතේ මෙවැනි වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.