නාවික හමුදා මෙහෙයුම් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 2264.9 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 23 සහ 24 දිනයන්හිදී මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම් වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන් වලට අයත් නාඩුකුඩා, වංකාලෙයි සහ ඕල්ඩ් පියර් වෙරළ තීරයන් ආශ්‍රීතව සිදු කරන ලද සෝදිසි කිරීම් වලදි වෙරළට ගොඩගසා තිබූ බිඩී ‍කොළ කිලෝග්‍රෑම් 2264.9 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, ඒවා පාර්සල් 27 ක අසුරා තිබියදි මෙලෙස සොයා ගැනීමට සමත්ව ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දෙන ලදි.

තවද, නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි කිරිම් වලදී මේ දෙදින තුල පමණක් මෙම ප්‍රදේශයන් වලින් බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2839.4 ක් සොයා ගැනිමට සමත්ව ඇත.