කේරළ ගංජා සමග සැකකරුවෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 25 වන දින කල්පිටිය, පල්ලීවසල්තුරායි ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 150 ක් සමග සැකකරුවෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානය විසින් සිදු කළ පා මුර සංචාරයකදි සැක කටයුතු පුද්ගලයෙක් පරික්‍ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ග්‍රෑම් 150 හමුවී ඇත.

මෙම පුද්ගලයා වයස අවුරුදු 52 වන කල්පිටිය, පල්ලීවසල්තුරායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.