නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩ සටහනක් යාපනයේදී

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව වේලනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු වැඩසටහනක් වේලනි සරස්වති විද්‍යාලයේදි 2019 අගෝස්තු මස 23 වන දින ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බලකායේ නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් පැවැත්විය.

ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි ම‍තින් තොර රටක් බිහිකිරීමේ උදාරතර අරමුණ පෙරදැරි කර ගනිමින් අනාගත දරු පරපුර මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර දරු පිරිසක් බවට පත් කිරීම මෙම ක්‍රියාදාමයේ මූලික අරමුණ වේ. මෙම වැඩසටහන 2019 අගෝස්තු මස 23 වන දින සිට 30 වන දින දක්වා යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් ආවරණය වන පරිදි සිදුකරන අතර, වේලනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැවැත්වු මත්ද්‍රව්‍ය නිවාරණ ගුරු පුහුණු සමාරම්භක වැඩ සටහන සඳහා වේලනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පාසල් නියෝජනය කරමින් ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.