ලුතිනන් කොමාණ්ඩර් ඉරේෂ් රන්සර ශ්‍රීලංනා‍‍නෞ හංසයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් ඉරේෂ් රන්සර අද (අගෝස්තු 27) වැඩ භාර ගන්නා ලදී. නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) අතුල බණ්ඩාර විසින් ශ්‍රී ලංකා නාවික නෞකා හංසයා නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.

ඒ අනුව නාවික තථාකාංගනයේදි නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සුමක් අද (අගෝස්තු 27) උදෑසන පැවැති අතර, එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සහ නෞකාවේ හිටපු අණදෙන නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) අතුල බණ්ඩාර ද සහභාගිවි සිටියහ.