කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 55 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (අගෝස්තු 28) අළුයම මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 55 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී ලියාපදිංචි නොකල සැකකටයුතු යතුරු පැදියක් නිරීක්ෂණය කර ඇත. එම යතුරු පැදිය වැඩිදුර පරික්ෂා කිරීමේදී සැකකරු සතුව තිබී අලෙවි කිරීම සඳහා රැගෙන යනු ලබන මෙම කේරළ ගංජා තොගය සොයා ගන්නා ලදි.

මෙම සැකකරු වයස අවුරුදු 23 ක් වන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන ඇති අතර, එම සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පේසාලේ, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.