“රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ වැඩසටහන් රැසක් නාවික හමුදා මුලිකත්වයෙන් යාපනයේදී පැවැත්විනි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා කිහිපයක් 2019 අගෝස්තු 23 සිට 26 දක්වා යාපනය හා එහි දුපත් ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.

ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි උතුරු නාවික විධානය විසින් යාපනයේ කරේයිනගර්, මාදගල් හා වෙත්තලකර්නි ප්‍රදේශවල මෙන්ම කයිට්ස්, මන්ඩතිව්, පුන්ගුඩුතිව් යන දුපත් ආශ්‍රීතව වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන්, පැළ රෝපනය කිරිමේ වැඩසටහන්, නීති විරෝධී මත්ස්‍ය කාර්මාන්තයේ ආදීනව පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ වැඩසටහන් සහ ශ්‍රමදාන වැඩසටහන් මේ යටතේ පවත්වන ලදි. ඊට අමතරව සිවිල් ප්‍රජාව සමඟ සහයෝගීතාවය වර්ධනය කිරිමේ අරමුණ ඇතිව සුහඳ ක්‍රිකට් තරගාවලියක් වෙත්තලයිකර්නි ප්‍රදේශයේ පවත්වන ලද අතර, ඩෙල්ෆ්ට් දුපතේ පාසැල් සඳහා ආරක්ෂක කමිටු ස්ථාපනය කිරිමද මෙහිදි සිදුවිය.

“රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ උතුරු නාවික විධානය තුල සිදු කරන ලද මෙම සියළු වැඩසටහන් සඳහා එම ප්‍රදේශයන් වල ප්‍රාදේශිය රාජ්‍යය ආයතන, සිවිල් සංවිධාන සහ මහජනතාව වෙතින් ඉතා යහපත් ප්‍රතිචාරයක් ලැබුණු අතර,ප්‍රජාව ඉතා උද්යෝගයෙන් යුතුව මෙම වැඩසටහන් සඳහා සහභාගි විය.