ඉන්දීය හිටපු නාවික හමුදාධිපති වරයෙකු වු අද්මිරල් සුනිල් ලන්බා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දීය හිටපු නාවික හමුදාධිපති වරයෙකු වු අද්මිරාල් සුනිල් ලන්බා මහතා අද (අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එම අවස්ථාව සඳහා ඉන්දියානු ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ ද සහභාගි විය.

එහිදී, ඔවුන් සුහද කතාබහක නිරත වු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.