යුක්රේන් ගුවන්, නාවික ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

යුක්රේන් ගුවන්, නාවික ආරක්ෂක උපදේශක කර්නල් ඔලේ හුලක් මහතා අද (අගෝස්තු 28) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

එහිදී, ඔවුන් සුහද කතාබහක නිරත වු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු පළක හුවමාරුවක් ද සිදු කෙරිණි.