තහනම් තංගුස් දැල් 1410ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයේ නිලධාරින් එක්ව 2019 අගෝස්තු 28 වන දින පුත්තලම, මුල්ලීපුරම් ප්‍රදේශයේදී තහනම් තංගුස් දැල් 1410 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව වයඹ නාවික විධානය සහ පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයේ නිලධාරින් එක්ව පුත්තලම, මුල්ලීපුරම් ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරිමකදි සැක කටයුතු නිවසක් නිරික්ෂණය කර ඇත. එම නිවස වැඩි දුර පරික්ෂා කිරිමේදි එහි තිබි තහනම් තංගුස් දැල් 1410 ක් සහ සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා සැකකරු සහ තහනම් තංගුස් දැල් තොගය පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාරදෙන ලදි.