නාවික හමුදාව රෝගීවු ධීවරයකුට මුහුදේදී කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙයි

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 28 වන දින මුහුදේදී රෝගීවු ධීවරයෙකු හට මුහුදේදීම කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලදී.

ඒ අනුව ධීවර හා ජලජ සම්පත් ‍දෙපාර්තමේන්තුව විසින් කල දැනුම්දීමකට අනුව “ලිතුලි 02” නැමැති ධිවර යාත්‍රාවේ සිටී රෝගීවු ධීවරයෙකු සඳහා හදිසි ප්‍රතිකාර ලබාදෙන ලෙස නාවික හමුදා මුලස්ථානය විසින් දකුණු නාවික ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදි සිටි ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාවට උපදෙස් ලබාදෙන ලදි. ක්ෂණිකවම ක්‍රියාත්මක වු පරාක්‍රමබාහු නෞකාව අදාල රෝගියා ධීවර යාත්‍රාවෙන් නෞකාව වෙත ලබාගන්නා ලදී. අනතුරුව නෞකාවේ වෛද්‍යවරයා සහ වෛද්‍ය කාර්ය මන්ඩලය විසින් පපු ප්‍රදේශයේ වේදනාවෙන් පෙලුනු රෝගියා හට මුලික ප්‍රතිකාර ‍ලබාදීමෙන් අනතුරුව රෝගී තත්වය බරපතල නොවු බැවින් නැවත රෝගියා ධීවර යාත්‍රාවට භාරදෙන ලදී.

මෙලෙස, නාවික හමුදාව සෑම විටම ශ්‍රීලංකාවට අයත් සාගර කලාපයේ සහ සෙවීම් හා මුදවා ගැනිම් කලාපය තුල ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි.