වැදගත් සිදුවීම්

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාවේ සුදානම

ඉදරියේ දී ගංවතුර ආපදා තත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීමේ අරමුණින් නාවික හමුදාව විසින් අද (අගෝස්තු 30 ) නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අයත් නාවික භට පිරිසක් රත්නපුර ප්‍රදේශයේ ස්ථාන ගත කිරීමට කටයුතු කරන ලදී.

30 Aug 2019

විදේශිය හමුදා නිලධාරින් සඳහා නාවික හමුදාවෙන් විශේෂ පුහුණුවක්

බංග්ලාදේශයේ, මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක නාවික පුද්ගලයින් සඳහා පවත්වන ලද නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 අගෝස්තු 30 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

30 Aug 2019

මුහු‍දේ ගිලෙමින් සිටි තිදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 30) හික්කඩුව හා සීනිගම අතර මුහුදු ප්‍රදේශයේ අනතුරට ලක් වු ධීවර යාත්‍රාවක මුහුදේ ගිලෙමින් සිටි ධීවරයන් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.මුහු‍දේ ගිලෙමින් සිටි තිදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

30 Aug 2019

“රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ පැළ සිටුවිමේ වැඩසටහන් දෙකක් නාවික හමුදා මූලිකත්වයෙන් යාපනයේදී පැවැත්විණි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැළ සිටුවීමේ වැඩසටහන් දෙකක් 2019 අගෝස්තු 29 වන දින යාපනය, නවන්තුරායි සහ අලයිපිඩ්ඩි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.

30 Aug 2019

තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් අට දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 30) අළුයම ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් අට දෙනෙකු (8) නාවික හමුදා බාරයට ගෙන ඇත.

30 Aug 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 650 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 අගෝස්තු 29 වන දින මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 650 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

30 Aug 2019