අතහැර දැමු පුද්ගල නාශක බෝම්බ දෙකක් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයෙන් නාවික හමුදාව සොයාගැනේ

නාවික හමුදාව විසින් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ වෙල්යායක තිබි අතහැර දමන ලද පුද්ගල නාශක බෝම්බ දෙකක් 2019 අගෝස්තු 30 සිදුකල සෝදිසි කිරිමකදි සොයා ගන්නා ලදි.

ඒ අනුව උතුරු නාවික විධානය විසින් කරෙයිනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදි වෙල්යායක තිබි මෙම අත්හැර දැමු පුද්ගල නාශක බෝම්බ දෙක සොයාගෙන ඇති අතර, එම බෝම්බ නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් නිශ්ක්‍රීය කිරීමට කටයුතු කරන ලදි.