වැදගත් සිදුවීම්

ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සහයවේ

නාවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 01) අළුයම යාපනය, කච්චතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් හතර දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

01 Sep 2019

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2019 අගෝස්තු මස 31 වන දින ගාල්ල ගිංතොට වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

01 Sep 2019

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම් වේ

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි ගංවතුර ආපදා තත්වයක් ඇති වන සේ සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ආපදාවක් ඇතිවිමට පෙර ඉවත් කිරීමට 2019 අගෝස්තු 30 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී.

01 Sep 2019

සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 අගෝස්තු 31 වන දින දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී.

01 Sep 2019