කේරළ ගංජා ග්‍රෑම් 250 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ ගොන්නෝරුව පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 සැප්තැම්බර් 03 වන දින හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 250 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි.

ඒ අනුව, දකුණු නාවික විධානය සහ ගොන්නෝරුව පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැකකටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම යතුරු පැදිය පරීක්‍ෂාවට ලක් කිරීමේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනා සමඟ මෙම කේරළ ගංජා ප්‍රමාණය නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙම පුද්ලයන් දෙදෙනා වයස අවුරුදු 19 සහ 26 අතර වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර, පුද්ගලයන් දෙදෙනා, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.