‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී ආරම්භවේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලියේ සමාරම්භක උත්සවය 2019 සැප්තැම්බර් 04 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩිබේ කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මර්ණ රුවල් යාත්‍රා සමාජයේදී ආරම්භ කරන ලදී.

මෙම තරඟාවලිය සඳහා බං‍ගලාදේශ සහ ඉන්දියානු නාවික හමුදා විද්‍යාපිඨයන්හි පුහුණුවන නිලධාරින්, ශ්‍රී ලංකා ගුවන් සහ යුද්ධ හමුදාවේ පුහුණුවන නිලධාරීන් මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරීන් ද සහභාගිවී සිටින අතර, මෙම තරඟාවලිය සැප්තැම්බර් 08 වන දින දක්වා ත්‍රිකුණාමලය, සැන්ඩිබේ වෙරළ තීරයේදී පවත්වනු ලබයි.

මෙහි සමාරම්භක උත්සව අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කළණ ජිනදාස ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් රැසක් ද සහභාගිවි සිටියහ.