කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ කල්මුණේ සුරාබදු කාර්යාලය එක්ව 2019 සැප්තැම්බර් 05 වන දින අක්කෙරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, ගිණිකොණ නාවික විධානය සහ කල්මුණේ සුරාබදු කාර්යාලය එක්ව අක්කෙරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම කේරළ ගංජා ප්‍රමාණය විකිණිම සඳහා සුදානම් කර තිබි ඇති බවට අනාවරණය වී ඇති අතර, එහිදී කේරළ ගංජා ප්‍රවාහනය සඳහා සුදානම් කර තිබූ සැක කටයුතු යතුරු පැදියක් ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

එම සැකකරුවන් තිදෙනා, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා අම්පාර, සුරාබදු කාර්යාලය වෙත බාර දීමට කටයුතු කරන ලදි.